Gossips

මිහිතලය උණුසුම්වීමෙන් ආහාර බෝග විනාශවීමේ අවදානමක්

මිහිතලය උණුසුම්වීම නිසා කෘමීන්ගේ සාගින්න වර්දනය වන බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.
එමෙන්ම කෘමි සතුන්ගේ ක්‍රියාකාරීත්වය සහ බෝවීම ද ඒ සමඟම ඉහළ යන බවයි එම අධ්‍යයනයේදී අනාවරණ වී ඇත්තේ.
මේ නිසා කෘමි සතුන් ලොව පුරා බිලියන සංඛ්‍යාත ජනතාවට පෝෂණය සපයන තිරිඟු, ඉරිඟු සහ සහල් වගාවන් විනාශ කිරීමේ අවදානම ඉහළ යන බවයි එම විද්‍යාඥයන් ප්‍රකාශ කළේ.
ලොව පුරා ජනතාවට සියයට 42ක ශක්තිය සපයන්නේ එම භෝග තුනෙන්.
මිහිතලයේ උෂ්ණත්වය එක් අංශකයකින් ඉහළ යාම වගා හානිය සියයට 10ත්, 25ත් අතර ප්‍රමාණයකින් ඉහළ යාමට හේතු විය හැකි බව අධ්‍යයනය සිදුකළ ඇමරිකානු වර්මොන්ට් සරසවියේ විද්‍යාඥයන් සඳහන් කළා.