Gossips

බිම්ස්ටෙක් සභාපතීත්වය ජනපති මෛත්‍රීට

නේපාලයේ – කත්මණ්ඩු නුවර පැවැත්වෙන බහුආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා බෙංගාල බොක්ක ප්‍රවේශය හෙවත් බිම්ස්ටෙක් කලාපයේ සභාපතිත්වය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට හිමි වුණා.
එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බිම්ස්ටෙක් කලාපයේ ආර්ථිකය නව මානයකට යොමු කිරිම සඳහා කටයුතු කරනු ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුව අමතමින් කලාපය මුහුණදෙන මත් උවදුර සම්බන්ධයෙන් ඒකාබද්ධ පියවරක් ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළා.