Gossips

කිලෝ 3000 ක වී ගොවියෙකුගෙන් මිලදී ගන්නා ලෙසට වී අලෙවි මණ්ඩලයට උපදෙස්

වී අලෙවි මණ්ඩලය විසින් ගොවීන්ගෙන් මිලදී ගන්නා වී ප්‍රමාණය කිලෝග්‍රෑම් 3000 දක්වා වැඩි කිරීමට අදාළ අංශ වලට උපදෙස් ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.
එමෙන්ම, කාබනික පොහොර යොදා ගනිමින් වී වගාවේ යෙදෙන ගොවීන් සඳහා සහනාධාර ලබාදීමේ වැඩපිළිවෙලට අදාළ චක්‍රලේඛය දැන් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, කාබනික පොහොර භාවිත කරමින් වී වගාවේ යෙදෙන ගොවීන්ට අක්කර දෙකහමාරක කුඹුරක් සඳහා රුපියල් 18,000 ක මුදලක්ද, අක්කර 5 කට රුපියල් 36,000 ක මුදලක් කාබනික පොහොර සහනාධාර ලෙස හිමිවනු ඇති.
දැනට ශ්‍රී ලංකාවේ කාබනික පොහොර භාවිත කරමින් වී වගා කරන ගොවීන්ගේ සංඛ්‍යාව 5000 ඉක්මවන බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
මෙම පොහොර සහනාධාරය මේ වසරේ යළ කන්නයේ සිට කාබනික වගාවේ යෙදෙන ගොවීන් සඳහා ලබාදෙන බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළේ.