Gossips

ඥාණසාර හිමියන් සිවුරු දරමින් බන්ධනාගාර රෝහලේ

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සැත්කමකින් අනතුරුව වැලිකඩ බන්ධනාගාර රෝහලට රැගෙන ආ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් තවදුරටත් සිවුරු දරමින් එහි වැඩ සිටින බව වාර්තා වනවා.
බොදුබල සේනා සංවිධානය පවසන්නේ ජම්පරය අඳින ලෙස කර ඇති ඉල්ලීම් උන්වහන්සේ ප්‍රතික්ෂේප කර ඇති බවයි.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට අධිකරණය පසුගියදා වසර 06 ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළා.
සිරදඬුවම නියම වනවිටත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සැත්කමක් සිදුකිරීමට නියමිතව සිටි උන්වහන්සේ සැත්කම සිදුකිරීමෙන් පසු බන්ධනාගාර රෝහල වෙත රැගෙන එනු ලැබූයේ ඊයේ දිනයේදීයි.
මේ අතර, ඥාණසාර හිමියන්ට ලබාදුන් බරපතල වැඩ සහිත සිරදඬුවම සම්බන්ධයෙන් ඇපෑලක් ගොනු කිරීමට අවසර ලබාදෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අද පස්වරුවේ සලකා බැලීමට නියමිතයි.
ඒ, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු පී‍්‍රති පද්මන් සූරසේන ඇතුළු විනිසුරු මඩුල්ලක් ඉදිරියේයී.