Gossips

තාවකාලික ඡන්ද හිමි නාමලේඛණය ප්‍රදර්ශනයට

තාවකාලික ඡන්ද හිමි නාමලේඛණය මේ වනවිට ප්‍රදර්ශනයට තබා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව තමන්ගේ හෝ පවුලේ සාමාජිකයින්ගේ නම් එහි ඇතුළත්ව ඇත්දැයි පරීක්ෂා කිරීමේ හැකියාව පවතිනවා.
දැනට ඡන්ද හිමි නාමලේඛණ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් පාලන ආයතන සහ ග්‍රාම නිලධාරී කාර්යාලවල ප්‍රදර්ශනය කර ඇති බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.
මීට අමතරව මැතිවරණ කොමිෂන් සභාවේ WWW.ELECTIONS.GOV.LK යන වෙබ් අඩවියට පිවිස නම, ලියාපදිංචි දිස්ත්‍රික්කය සහ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ඡන්ද හිමි නාම ලේඛණයේ නම තිබේ දැයි පරීක්ෂා කළ හැකියි.