Gossips

ඥාණසාර හිමිගේ ඇපෑල ගැන තීන්දුව අද

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට අභියාචනාධිකරණය ලබාදුන් බරපතල වැඩ සහිත සිරදඩුවම සම්බන්ධයෙන් ඇපෑලක් ගොනු කිරීමට අවසර ලබාදෙන්නේ ද නැද්ද යන්න පිළිබද සලකා බැලීම අද සිදුකිරීමට නියමිතයි.
අභියාචනාධිකරණයේ සභාපති පී‍්‍රති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල ඉදිරියේ උන්වහන්සේගේ නීිතිඥයින් පසුගිය බදාදා ඊට අදාළව කරුණු ඉදිරිපත් කරනු ලැබුවා.
මේ අතර, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී වසර 06 ක බරපතල සිරදඬුවම් නියම වූ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඊයේ වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත රැගෙන එනු ලැබුවා.
පසුගිය 20 වැනිදා උන්වන්සේගේ වකුගඩුවල පවතින ගලක් ඉවත් කිරීම සඳහා සැත්කමක් සිදුකළේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදීයි.