මොණරාගල පැවැත්වෙන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි.
පසුගිය දින දෙක තුළ මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසල භූමියේ පැවති මෙම ප්‍රදර්ශනය නැරඹීම සඳහා අතිවිශාල ජනකායක් පැමිණි බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ප්‍රදර්ශන කුටි 515 කින් සමන්විත මෙම ප්‍රදර්ශනය කලාප 12 ක් යටතේ පැවැත්වෙනවා.
එසේම පෞද්ගලික අංශයේ සහ රාජ්‍ය අංශයේ ප්‍රදර්ශකයන් 204 ක් සහිත දැවැන්ත අධ්‍යාපන කලාපයක්ද මෙම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනයට ඇතුළත් බවයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.