Gossips

අයි.එස්. සංවිධානයට සම්බන්ධ බවට ශ්‍රී ලාංකිකයෙකු ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට

අයි.එස්. සංවිධානයට සම්බන්ධ වී ඕස්ට්‍රේලියාව තුළ ප්‍රහාර දියත් කිරීමට සැලසුම් කළ බවට චෝදනා කරමින් 25 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු සිඞ්නි නුවරදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයට සම්බන්ධව කටයුතු කළ කොන්ත්‍රාත් සේවකයෙකු වූ ඔහු ශිෂ්‍ය වීසා මත ඕස්ට්‍රේලියාවට පැමිණි අයෙකු බවයි එරට මාධ්‍ය සදහන් කළේ.
පසුව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ඔහු සන්තකයේ තිබූ අයි.එස්.සංවිධානයට සම්බන්ධ සැලසුම් ද අනාවරණ වූ බව සදහන්.
අදාළ ශ්‍රී ලාංකිකයාට එරෙහිව ත්‍රස්තවාදී චෝදනා යටතේ නඩු පැවරීමට ඕස්ට්‍රේලියානු බලධාරින් කටයුතු කරනු ඇති.