Gossips

මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු බියගමදී අත්අඩංගුවට

බියගම ප්‍රදේශයේදී මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 7 වනදා කඩවත – ආම්ස්ටෝන් හන්දියේදී කාන්තාවක් වෙඩි තබා ඝාතනය කිරීමට පැමිණි යතුරුපැදිය පැදවූ පුද්ගලයා මොහු වන බවයි පොලීසිය සදහන් කළේ.
පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාශය විසින් ඊයේ අත්අඩංගුවට ගත් මෙම සැකකරු 26 හැවිරිදි මල්වාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
දැඩි ලෙස හෙරොයින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී සිටි මෙම සැකකරු දැනට බන්ධනාගාර ගතව සිටින ගෝත අසංක නමැති අපරාධ කල්ලි සාමාජිකයාගේ අනුදැනුම මත මෙම ඝාතනය සිදුකළ බවටයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් මූලස්ථානය සදහන් කළා.