Gossips

ලොවම ආදරය කරන සුපිරි නළු ශාරුක් ඛාන්ගෙන් කිසිවෙකු නොසිතූ සුවිශේෂී පරිත්‍යාගයක්

ලොවම ආදරය කරන සුපිරි නළු ශාරුක් ඛාන්ගෙන් කිසිවෙකු නොසිතූ සුවිශේෂී පරිත්‍යාගයක්"
ලෝකයේ දැන්වත් සුපිරි නළුවන් අතර ඉදිරියෙන්ම සිටින සුපිරි තරුවක් තමයි ශාරුක් ඛාන් කියන්නේ.
ඔහු පිළිබඳව බොහෝ දෙනෙක් නොදත් රහසක් පසුගියදා මාධ්‍ය විසින් අනාවරණය කර තිබුනා.
එහි දක්වා ඇත්තේ ලොවම ආදරය කරන මේ සුපිරි තරුව රහසේම කරන හොඳ වැඩක් ගැනයි.
ශාරුක් සමාජ සේවයේ යෙදෙන බව ඇත්තටම බොහෝදෙනෙක් නොදන්නා කාරණයක්.
විදෙස් මාධ්‍ය මෙලෙස හෙළිකර ඇත්තේ ඔහු නිරන්තරයෙන් සිදුකරන සමාජ සේවයන් පිළිබඳව තොරතුරු කිහිපයක්.
මෙම තොරතුරු එළියට එන්න ප්‍රධානම හේතුව වන්නේ පසුගියදා ඉන්දියාවේ කෙරළට බලපෑ අයහපත් කාලගුණ තත්වයත් සමඟ පීඩාවට පත් ජනතාවට උදව් කිරීමට ශාරුක් ඉදිරිපත් වීමත් සමඟයි.
තොරතුරු වාර්තා වන්නේ ඔහු එම ජනතාව වෙනුවෙන් මුදලින් ඉන්දීය රුපියල් ලක්ෂ 21 කට ආසන්න ප්‍රමාණයක් පරිත්‍යාග කර ඇති බවයි.
මීට අමතරට ඔහු තමන්ගේ වාර්ෂික ආදායමෙන් කොටසක් අසරණ දරුවන් වෙනුවෙන් වියදම් කරන්නට වෙන් කර තිබෙන බවද එහිදී හෙළිවී තිබෙනවා.
පිළිකා රෝගයෙන් පීඩාවිඳින අසරණ දරුවන් වෙනුවෙන් සුපිරි නළු සුපිරි නළු ශාරුක් ඛාන් හැකි සෑම අවස්ථාවකදීම පෞද්ගලික මුදල් පරිත්‍යාග ලබා දෙමින් සිටිනවා.
මේ අතර දිළිදු පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා සිදුකරන සමාජ සත්කාරයන් ද වනවා.