Gossips

කොළඹ ආරක්ෂක සමුළුවට ජනපතිගෙන් වීඩියෝ පණිවුඩයක්

ආරක්ෂාව සදහා, අධිතාක්ෂණය මේ වනවිට අභියෝගයක්ව ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
නේපාලයේ පැවැත්වෙන බිම්ස්ටෙක් සමුළුවට සහභාගි වී සිටින ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කලේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලවේදි අද ආරම්භ වූ කොළඹ ආරක්ෂක සමුළුවට වීඩියෝ පණිවුඩයක් එවමින්.
කොළඹ ආරක්ෂක සමුළුව අද උදෑසන ආරම්භ වුයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.
08 වන වරටත් පැවත්වෙන සමුළුව මෙවර පැවත්වෙන්නේ ගෝලීය වියවුල් හමුවේ දේශයේ සුරක්ෂාව යන තේමාව යටතේයි.
රටවල් 44 ක් නියෝජනය කරමින් නියෝජිතයින් 101 කට ආසන්න පිරිසක් සමුළුවට එක්ව සිටිනවා.
සමුළුවේ ආරම්භක දේශනය සිදුකළේ අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහයි.