Gossips

සංවත්සරයෙන් පසු බලය අල්ලන්න 16 සූදානම්

ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන ලෙස නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට යෝජනාවක් ඉදිරිපත් නොවූ බවට, එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන ඇමති නිමල් ද සිල්වා ඊයේ සිදුකල ප්‍රකාශය නිදහස් පක්ෂය 16 කණ්ඩායම ප්‍රතික්ෂේප කරනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මේ බව කියා සිටියා.
මාධ්‍ය හමුව ආරම්භ විමට ප්‍රථම මාධ්‍යවේදින් ඊට සහභාගි වු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අද පැවති චතුර සේනාරත්න මන්ත්‍රීවරයාගේ විවාහ මංගල උත්සවයට සහභාගි විම පිළිබදවද ප්‍රශ්න කළා.
මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේ විවාහ මංගල උත්සවයට අධික සෙනඟක් පැමිණ සිටි බවයි.
මෙහිදී මාධ්‍යවේදින් නැගූ ප්‍රශ්ණ කිහිපයකට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා සඳහන් කළේ නිදහස් පක්ෂ සම්මේලනයට පෙර පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් කර ගැනීමට කටයුතු කරන බවයි.