අගමැති විසින් සිය කැබිනට් මණ්ඩලයේ සියලු ඇමතිවරුන්ට තම කාර්යමණ්ඩලයේ සේවකයන් සමඟ ලිංගිකව එක්වීම තහනම් කළ අමුතුම පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඕස්ට්‍රේලියාවේ අගමැති මැල්කම් ටර්න්බුල් විසින් මෙලෙස සිය ඇමතිවරුන්ට ලිංගිකව එක්වීම තහනම් කර ඇත්තේ ඔහුගේ නියෝජ්‍ය අගමැතිවරයා කාර්යමණ්ඩලයේ හිටපු සාමාජිකාවක් සමඟ ලිංගික එක්වී ඇති බවට තහවුරු වීමත් සමඟයි.
විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඕස්ට්‍රේලියානු අගමැතිවරයා මේ බව ප්‍රකාශකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත්තේ.
මෙලෙස හිටපු නිලධාරිනියක් සමඟ ලිංගිකව එක්වූ බවට අනාවරණ වූ බවට චෝදනා එල්ලවන එරට නියෝජ්‍ය අගමැතිවන බානබි ජොයිස්ගේ ක්‍රියාව අගමැති විසින් දැඩිලෙස හෙලාදැක තිබෙනවා.
අදාළ නියෝජ්‍ය අගමැතිවරයා විසින් අමාත්‍යවරුන් සම්බන්ධයෙන් පවතින ආචාරධර්ම උල්ලංඝනය කර ඇත්දැයි යන්නතහවුරු කිරීම සඳහා මේ වනවිට විශේෂ විමර්ශනයක් ද ආරම්භකර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අවසන්වන තුරු බානබි ජොයිස් තාවකාලික නිවාඩු ලබාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තාකර ඇත්තේ.
කෙසේ වෙතත් නියෝජ්‍ය අගමැති විසින් පවතින නීතිය උල්ලංඝනය කර නැති බවයි අගමැතිවරයා ප්රකාශකරන්නේ.
මේ අතර එහිදී අගමැතිවරයා සඳහන් කර ඇත්තේ අමාත්‍යවරුන්ට විශේෂ ආචාරධර්ම පද්ධතියක් හඳුන්වා දෙන බවයි.
මෙලෙස නියෝජ්‍ය අගමැති විසින් ලිංගිකව එක්ව ඇතිබවට අනාවරණ වීමත් සමඟ එරට දේශපාලනයේ විශේෂ අවධානයකට ලක්ව තිබෙනවා.
ඔහු ආචාරධර්මවලට පිටුපාමින් මෙලෙස ලිංගිකව එක්ව ඇති බවට වාර්තා වන්නේ ඔහුගේ හිටපු මාධ්‍ය උපදේශිකාව විකී චැම්පියන් සමඟයි.