Gossips

සුපිරි වෙළඳසැලක භාණ්ඩ සොරකම CCTV කැමරාවේ සටහන් වෙයි

ඇහැලියගොඩ පරකඩුව ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලකට පැමිණෙන පිරිසක් භාණ්ඩ සොරාගෙන යන ආකාරය එහි සවිකර තිබු CCTV කැමරාවල පටිගත වී තිබෙනවා.
පසුගිය 18 වනදා සවස 2 ට පමණ අදාළ වෙළඳසැලට ත්‍රී රෝද රථයකින් පැමිණෙන 4 දෙනෙකු මෙම සොරකමට සම්බන්ධ බවටයි අනාවරණ වී ඇත්තේ.
කුඩා ගැහැණු ළමයෙකු සමග පැමිණෙන ඔවුන් වෙළඳසැල තුලට ඇතුලුවී භාණ්ඩ සොරකම් කරන අතර එහි සිටින කාන්තාව අදාළ භාණ්ඩ සිය ඇඳුම් අතර සඟවා ගන්නා ආකාරය කැමරාවල සටහන් වී තිබෙනවා.
වෙළඳසැල් හිමියා ප්‍රකාශකර ඇත්තේ ඔවුන් මිල අධික කිරිපිටි ටින් 5 ක් සහ චොක්ලට් සොරකම් කර ඇති බවයි.
ඒවායෙහි වටිනාකම රුපියල් 8000 කට අධිකයි.
වෙළඳසැලේ භාණ්ඩ අඩුවීම පිළිබඳ කළ සොයා බැලීමේදීයි මෙම සොරකම හෙළිවී ඇත්තේ.
සිද්ධිය පිළිබඳ ඇහැළියගොඩ පොලිසිය පරීක්ෂණ සිදුකරන අතර සැකකරුවන් මෙතෙක් අනාවරණ වී නැහැ.