Gossips

සෞඛ්‍ය අමාත්‍යාංශයේ තනතුරුවලට බඳවා ගැනීම හෙට සිට විද්‍යුත් ක්‍රමයට

සෞඛ්‍ය අමාත්‍යාංශයේ තනතුරු සඳහා විද්‍යුත් ක්‍රමයට අභ්‍යාසලාභීන් බඳවා ගැනීම හෙට සිට ක්‍රියාත්මකයි.
එම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ඒ අනුව, හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන්හිදී අභ්‍යාසලාභීන් බඳවා ගැනීම පිලිබඳව තොරතුරු හෙට සිට අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියෙන් ලබා ගත හැකි බවයි.
හෙද නිලධාරි, රසායනාගාර කාර්මික විද්‍යාඥ, ඖෂධවේදී, විකිරණ හිල්පී, පාසල් දන්ත චිකිත්සක, මහජන සෞඛ්‍ය පරීක්ෂක ඇතුළු අංශ ගණනාවක පුරප්පාඩු සඳහා මෙහිදී අයදුම්පත් කැඳවෙනවා.
ඒ 2016 සහ 2017 උසස් පෙළ ප්‍රතිඵල පදනම් කරගෙනයි.