Gossips

ආසියානු ක්‍රීඩා උළෙලේ රග්බි මුලික වටයේ පළමු තරගයෙන් ශ්‍රීලංකාවට විශිෂ්ඨ ජයක්

ආසියානු ක්‍රීඩා උළෙලේ අද පැවතී රග්බි මුලික වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ඨ ජයක් හිමිකර ගෙන තිබෙනවා.
ඒ ලකුණු 68 ට 0ක් ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරාජය කරමින්.
තරගයේ පළමු අර්ධය නිමාවුණේ ලකුණු 28 ට 0ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පෙරමුණ පසුවෙමින්.
ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු 68 ට ගෝල දිනුම් 09 ක් සහ උත්සහයක දිනුම් 10ක් ඇතුලත් වුණා.
ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම සහභාගී වන මුලික වටයේ දෙවන තරගය අද සවස කොරියාව සමඟ පැවැත්වීමට නියමිතයි.