Gossips

දියේ ගිලී පුද්ගලයෙකු අතුරුදන්

යටියන්තොට – හක්බෙල්ලාවක ප්‍රදේශයේදී කැළණි ගෙඟ් දිය නෑමට ගිය පුද්ගලයෙකු ඊයේ පස්වරුවේ දියේ ගිලී අතුරුදන්වී තිබෙනවා.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ යටියන්තොට – පනාවත්ත ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි අයෙකු බවයි පොලීසිය කියා සිටියේ.
අතුරුදන්වූ පුද්ගලයා සෙවීම සඳහා පොලීසිය සහ නාවික හමුදාව මේ වනවිටත් කටයුතු කරමින් සිටිනවා.