Gossips

බස් හිමියන්ගෙන් ආණ්ඩුවට සති දෙකක්

වැඩි කළ රථ වාහන දඩ මුදල් සංශෝධනය කිරීම සඳහා රජයට සති දෙකක කාලයක් ලබාදෙන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය පවසනවා.
එහි ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් කියා සිටියේ ඊයේ රැස්වූ සිය විධායක සභාව මේ පිළිබඳව අවසන් එකඟතාවකට පැමිණි බවයි.
ඒ අනුව සති දෙකක කාලයක් තුළ දඩ මුදල් සංශෝධනය නොකළහොත් වර්ජනයකට අවතීර්ණ වන බවද ඔහු සඳහන් කළා.