Gossips

වයඹ පළාතේ පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින් වර්ජනයක

අතිකාල දීමනා ගැටළුවක් මුල් කරගනිමින් වයඹ පළාතේ පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින් අද, එක්දින වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම් ධර්මකීර්ති ඈපා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ හෙද, අතුරු වෛද්‍ය සහ පරිපූරක සේවාවල වෘත්තිකයින් මෙම වර්ජනයට එක්ව සිටින බවයි.
කෙසේ වෙතත් වයඹ පළාත තුළ පවතින මධ්‍යම රජයට අනුයුක්ත රෝහල්වල මෙම වර්ජනය ක්‍රියාත්මක නොවන බවද ඔහු සඳහන් කළා.