Gossips

ඔරන් – ඔටන් මිහිපිටින් තුරන් වීම වේගවත් වෙයි

ඉන්දුනීසියාවේ – බෝර්නියෝ දිවයිනේ ඔරන් – ඔටන් ගහනය 1999 වසරේ පැවති එක්ලක්ෂ 50,000 සිට අඩකින් අඩුවී ඇති බව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ වන විනාශය , පාම් ඔයිල් වගාව සහ පතල් කැණීම නිසා ඔරන් ඔටන් සත්ත්වයන්ගේ වාසස්ථාන අහිමිවීම ඊට ප්‍රධාන හේතුව බවයි.
ඒ අනුව, පොන්ගෝ පිග්මෙව්ස් යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන දුඹුරු පැහැති හිසකෙස් සහිත බෝර්නියේ ඔරන් ඔටන් ගහනය දැන් 70,000 කට පමණ සීමා වී ඇති බවයි පර්යේෂකයන් පෙන්වා දෙන්නේ.
එමෙන්ම, සුමාත්‍රා සහ ටපනුලි ඔරන් ඔටන් ගහනය ද සීඝ්‍රයෙන් අඩුවන බව අනාවරණ වී ඇති කරුණක්.
1999 ත් 2015 ත් අතර අග්නිදිග ආසියාවෙන් තුරන් වී ඇති ඔරන් ඔටන් ගහනය එක්ලක්ෂ 48,500 කට අධිකයි.
වත්මන් වාතාවරණය අඛන්ඩව පැවතුණහොත් ඉදිරි වසර 35 තුළ බෝනියෝ ඔරන් ඔටන් ගහනය තවත් 45,000 කින් පමණ අඩුවනු ඇති බවයි විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.