Gossips

බස්නාහිර සැප පුටු වාර්තාවේ දෝෂ

බස්නාහිර පළාත් සභාව සඳහා රුපියල් හය ලක්ෂ 40 000ක පමණ වටිනාකමකින් යුත් පුටු, ගෙන්වීමේ සූදානම සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ කමිටු වාර්තාවේ දෝෂ පවතින බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර පවසනවා.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ආණ්ඩුකාරවරයා කියා සිටියේ අදාළ වාර්තාව සම්බන්ධයෙන් තවදුරටත් දීර්ඝ ලෙස අධ්‍යනය කළ යුතු බවයි.
මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ කමිටු වාර්තාව පළාත් ආණ්ඩුකාරයා වෙත ඊයේ භාරදී තිබුණා.
පළාත් සභාවේ නව ගොඩනැගිලි සංකීර්ණය සඳහා බෙල්ජියමෙන් පුටු 125 ක් ගෙන්වන බවට පසුගියදා ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර වෙත පැමිණිලි කරනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි විසින්.
පසුව අදාළ තීරණය අත්හිටුවූ, ආණ්ඩුකාරවරයා ඒ සඳහා විමර්ශනයට පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කරනු ලැබුවා.
එහි වාර්තාව පළාත් සභාවේ ලේකම් ප්‍රදීප් යසරත්න වෙත භාරදෙනු ලැබුවේ පෙරේදා දිනයේදීයි.
බෙල්ජියමෙන් ආනයනය කරන රුපියල් හය ලක්ෂ 40 000 වටිනා පුටුවෙහි නිෂ්පාදිත පිරිවැය රුපියල් දෙලක්ෂ 90 000 ක් වන අතර, එක් පුටුවකට රුපියල් එක් ලක්ෂ 97 000ක් බද්දක්ද අය කෙරෙනවා.