Gossips

රාජ්‍ය ඇමති ෆවුසිට එරෙහි නඩුව යළි කල් යයි

රජයේ වාහනයක් පෞද්ගලික පරිහරණය සඳහා යොදාගෙන රුපියල් ලක්ෂ 10කට අධික අලාභයක් රජයට සිදු කිරීමේ චෝදනාව යටතේ රාජ්‍ය අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසිට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුව විභාග කිරීම මේ මස 23 වනදා දක්වා යළි කල් තබා තිබෙනවා.
ඒ ඊට අදාළ නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල හමුවේ කැදවූ අවස්ථාවේදීයි.
නඩුවට අදාළව පළමු සහ දෙවන සාක්ෂිකරු අද (16) දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිට තිබෙනවා.
ඔවුන්ට ද යළි මේ මස 23 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි නියෝග කර ඇත්තේ.