Gossips

පෙබරවාරි 10 ජනතාව තෝරාගත්තේ හිටපු ජනපති බව සුසිල් කියයි

පෙබරවාරි 10 වනදා රටේ ජනතාව අග්‍රාමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තෝරාගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
ඒකාබද්ධ විපක්ෂය අද කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ලබන 05 වැනිදා කොළඹ සංවිධාන කර ඇති විරෝධතාවට ද සිය කණ්ඩායම එක්වන බවයි.
05 වැනිදා පැවැත්වෙන උද්ඝෝෂණය හේතුවෙන් එම කාලසීමාව තුළ ශ්‍රී ලංගම සේවකයන්ගේ නිවාඩුද මේ වනවිට අවලංගු කර ඇති බව මාධ්‍ය හමුවට එක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන කියා සිටියා.