Gossips

ඒකාබද්ධ විපක්ෂයේ චෝදනා පදනම් විරහිතයි

සිංගප්පුරු – ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම පිළිබඳ ඒකාබද්ධ විපක්ෂය නගන චෝදනා පදනම් විරහිත බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා මහතා පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.
මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් මන්ත්‍රීවරයාට ප්‍රශ්න යොමුකරන අවස්ථාවේ මන්ත්‍රිවරයාගේ පාර්ශ්වයේ පුද්ගලයෙකුගෙන් ඊට බාධා එල්ල වුණා.