Gossips

මව්කිරි සිරවී ඇති බවට සැකයෙන් රෝහල් ගතකළ බිළිඳෙකු මියයයි

යාපනය – නාවට්කුලි ප්‍රදේශයේ පදිංචි මාස 11 ක් වයසැති බිළිඳෙකු කිසියම් අසනීප තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබෙනවා.
එම දරුවාව දෙමව්පියන් විසින් පෙරේදා දිනයේදී රෝහල් ගතකර ඇත්තේ මව්කිරි සිරවී ඇති බව පවසමින්.
කෙසේ වෙතත් ඔහු අද පෙරවරුවේ යාපනය රෝහලේදී ජීවිතක්ෂයට පත්වූ බවයි පොලීසිය සඳහන් කළේ.
යාපනය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ඇති අතර, මරණය සම්බන්ධයෙන් ඔහු විවෘත තීන්දුවක් ලබාදී තිබෙනවා.
සිද්ධිය පිළිබඳ පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.