Gossips

ගල්කිරියාගම නිවසක රූපලාවණ්‍ය ශිල්පිනියකගේ සිරුරක් (ඡායාරූප)

ගල්කිරියාගම රණව ප්‍රදේශයේ නිවසක් තුල තිබී ගෙල වැලලාගෙන මියගිය තරුණියකගේ සිරුරක් හමුවී තිබෙනවා.
ඇය රූපලාවණ්‍ය ශිල්පිනියක් ලෙසට කටයුතු කර ඇති අයෙක් බවටයි අනාවරණ වී ඇත්තේ.
මෙලෙස මියගොස් ඇත්තේ රණව ප්‍රදේශයේම පදිංචිව සිටි 29 හැවිරිදි එක්දරු මවක්.
ඇය තම රූපලාවණ්‍යාගාරය පවත්වාගෙන ගිය නිවසේ කාමරයක සිරුර තිබු බවයි අප වාර්තාකරු කියාසිටියේ.
මෙම කාන්තාව දීර්ඝ කාලයක සිට කිසියම් රෝගයක් වෙනුවෙන් ඖෂධ ලබාගෙන ඇති අතර සිරුර තිබු ස්ථානයේ ද ඖෂධ රැසක් තිබු බව සඳහන්.
මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද දහවල් පවත්වා ඇති අතර අනතුරුව සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අනුරාධපුර රෝහලට යොමුකර තිබෙනවා.

ඡායාරූප – කැකිරාව කුෂාන් ජයවර්ධන