Gossips

කැබ් රථ අනතුරකින් 3ක් රෝහලේ

හාලිඇළ ප්‍රදේශයේදී කැබ් රථයක් ත්‍රි රෝද රථයක ගැටීමෙන් සිදුවු අනතුරකින් තුන්දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
ඊයේ (28) සවස මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
මෙලෙස අනතුර ලක්වූ කැබ් රථය ලංකා විදුලි බල මණ්ඩලයට අයත් බවයි පොලිසිය කියාසිටියේ.
කැබ් රථයේ සහ ත්‍රි රෝද රථයේ රියදුරන්ගේ අපරික්ෂාකරි රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි මුලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.
අනතුර සම්බන්ධයෙන් හාලිඇළ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
මේ අතර, මෙම අනතුර සිදුවන ආකාරය අසළ තිබු ඉන්ධන පිරවුම්හලක සවිකර තිබු CCTV කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා.
එම වීඩියෝව පහතින්.