Gossips

Update : හිටපු ජනපති හමුවූ ඇමති සුසිල් කළ ප්‍රකාශය

හිටපු ජනපති හමුවූ ඇමති සුසිල් කළ ප්‍රකාශය
අගමැති ඉවත්කර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බව ඇමති සුසිල් ප්‍රේමජයන්ත් හිටපු ජනපතිට දැනුම්දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළා.
ඔහු මේ බව සඳහන් කළේ මීට සුළුමොහොතකට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිවසේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
මේ අතර මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිවසට ගොස් ඇති බව වාර්තාවූවා.
මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් කිහිපදෙනෙකු මීට සුළු මොහොතකට පෙර ජනාධිපති නිල නිවසට පැමිණ ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
Update : Friday, February 16, 2018 11.43
————————————————–
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිවසට මීට සුළු මොහොතකට පෙර ගොස් ඇති බව වාර්තවනවා.