Gossips

මහපොල අරමුදල් රජයේ බැංකුවල සහ මහබැංකු බැඳුම්කරවල පමණක් ආයෝජනය කිරීමේ තීරණයක්

මහපොල උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල සතු මුදල් රජයේ බැංකු සහ මහබැංකු බැඳුම්කර වල පමණක් ආයෝජනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.
මේ අතර, 1981 අංක 66 දරණ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල් පනතේ නාමය, ලලිත් ඇතුළත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල් පනත ලෙස සංශෝධනය කිරීමට ද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවයි අමාත්‍ය විජේදාස රාජපක්ෂ කියා සිටියේ.