Gossips

අම්බලන්තොට ලංගම සේවකයින් වර්ජනයක

අම්බලන්තොට ලංගම ඩිපෝ සේවකයින් අද උදෑසන සිට වර්ජනයක නිරත වනවා.
ඒ රජයේ සේවකයින්ට ලබාදුන් රුපියල් දස දහසේ දීමනාව මූලික වැටුපට ඒකාබද්ධ කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්.
මේ අතර, ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වූ පොළොන්නරුව කලාපයේ වනජිවි නිලධාරින් එම වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවා තිබෙනවා.
ධීවරයින් පිරිසක් විසින් මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වනජිවි නිලධාරින් පිරිසකට විරෝධය පළ කරමිනුයි ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළේ.
කෙසේ වෙතත්, සිද්ධියට සම්බන්ධ ධීවරයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගැනීම නිසා වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවූ බව ශ්‍රී ලංකා වනජිවි ක්ෂේත්‍ර සහායකයින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සමන් සුජීව හේරත් සඳහන් කළා.