Gossips

ඥාණසාර හිමිගේ අභියාචනය සලකා බැලීමේ තීන්දුව අනිද්දා

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ලබාදුන් බරපතල වැඩ සහිත සිරදඩුවම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇපෑලක් ගොනු කිරීමට අවසර ලබාදෙන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් සලකා බැලීම අනිද්දා (31) සිදුකරන බව අභියාචනාධිකරණය අද (29) ප්‍රකාශ කළා.
ඒ අභියාචනාධිකරණයේ සභාපති පී‍්‍රති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල ඉදිරියේ උන්වහන්සේගේ නීිතිඥයින් අද (29) කරුණු දැක්වූ අවස්ථාවේදීයි.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පසුගියදා අභියාචනාධිකරණය බරපතල වැඩ සහිත වසර 6 ක සිරදඩුවමක් නියම කෙරුණා.