Gossips

අර්ජුන් ඇලෝසියස් අද අරන් යන තැන

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ට හා එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන අද (16) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
පසුගිය 04 වැනිදා ඔවුන් අත්අඩංගුවට ගත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්.
එමෙන්ම, අධිකරණයෙන් ලබාගත් අවසරය මත පොලිසිය සැකකරුවන්ගෙන් දීර්ඝ ප්‍රකාශ ලබාගෙන ඇති බවද වාර්තා වුණා.
අර්ජුන් ඇලෝසියස්ගේ නීතිඥයින් ඔවුන්ට ඇප ලබාදෙන ලෙසට අධිකරණයෙන් පසුගියදා ඉල්ලා සිටියත් ඊට නීතිපති දෙපාර්තමේන්තුව දැඩි විරෝධය පළ කළා.
මේ අතර, බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදීම සඳහා ලබාදී තිබූ කාලය ඊයේ (15) දිනයෙන් අවසන් වුණා.
ඔහු සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත අද (16) අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට නියමිත බවටයි වාර්තා වන්නේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙස කොළඹ – කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ඔහුට නොතීසි නිකුත් කළේ පසුගිය 5 වනදායි.
ඒ, සැකකාර හිටපු මහ බැංකු අධිපතිවරයාට දින 10 ක කාලසීමාවක් ලබාදෙමින්.