Gossips

තවත් ජපාන රාජතාන්ත්‍රිකයෙකු දිවයිනට

ජපාන විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කසුයුකි නකානේ ඇතුළු 5 දෙනෙකුගෙන් යුත් දූත පිරිස තුන් දින නිළ සංචාරයක් සඳහා ඊයේ (28) රාත්‍රී 10.15ට පමණ දිවයිනට පැමිණ තිබෙනවා.
සමුද්‍රීය පරිසර දූෂණය වැළැක්වීම සඳහා අවශ්‍ය උපාංගවලින් සමන්විත ජපානයේ නිෂ්පාදිත නවීන වේග මුර යාත්‍රා දෙකක් මෙම සංචාරයේදී ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක බලකායට ප්‍රදානය කිරීමට නියමිත බවයි ජපාන තානාපති කාර්යාලය සඳහන් කළේ.
හෙට (30) දිනය දක්වා දිවයිනේ රැඳී සිටින ජපාන විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කසුයුකි නකානේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ ද ද්වි පාර්ශවීය සාකච්ඡා සිදුකිරීමට නියමිතයි.