Gossips

ආසියානු ක්‍රීඩා උළෙලේ ගයන්තිකා අබේරත්නට 6 වන ස්ථානය

ආසියානු ක්‍රීඩා උළෙලේ ඊයේ (28) පස්වරුවේ පැවති මීටර් 400 කාන්තා තරඟ ඉසව්වට එක්වූ ශ්‍රී ලංකාවේ ගයන්තිකා අබේරත්නට 6 වන ස්ථානය හිමි වුණා.
ඇය තරඟය අවසන් කිරීමට ගත කළ කාලය විනාඩි දෙකයි තත්ත්පර 5ක්.
මේ අතර, මීටර් 400 පිරිමි ඉසව්වේ අවසන් තරඟයට එක්වුණු ඉඳුනිල් හේරත්ට සිදුවූයේ අවසන් ස්ථානයෙන් සෑහීමකට පත්වීමටයි.
ඔහු තරඟය අවසන් කළ කාලය සදහන් වූයේ විනාඩියයි තත්ත්පර 51ක් ලෙසයි.