Gossips

අධිවේගයේ අධික වේගයෙන් ගිය හිටපු මහ ඇමතිගේ පුත්‍රයා මරු වැළඳ ගනී (ඡායාරූප)

ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් හිටපු ප්‍රධාන අමාත්‍ය එන්.ටී.රාම් රාඕ ගේ පුත් නාන්දමුරි හරිකිෂ්ණා රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
තෙලංගානා ප්‍රදේශයේදී අද (29) අලුයම සිදුවූ මෙම අනතුරෙන් මිය යනවිට ඔහු 62 වන වියේ පසුවුණා.
උත්සවයකට සහභාගී වීම සඳහා යමින් සිටියදී අධිවේගී මාර්ගයේදී ඔහු ගමන්ගත් රථය රියදුරාගේ පාලනයෙන් ගිලිහී පෙරලී ගොස් අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ අනතුර සිදුවීමත් සමඟ වහනයෙන් ඉවතට විසිව ඇති හරිකිෂ්ණා ප්‍රතිකාර සඳහා රෝහල් ගතකරන අවස්ථාවේ මියගොස් ඇති බවයි.
නාන්දමුරි හරිකිෂ්ණා ජනප්‍රිය රංගන ශිලිපියෙක් සහ හිටපු ඉන්දිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද වනවා.
ජනප්‍රිය තෙලිඟු චිත්‍රපට රංගන ශිල්පියෙක් වන ජූනියර් එන්.ටී.ආර් නාන්දමුරි හරිකිෂ්ණාගේ පුත්‍රයායි.