Gossips

මින්නේරියේ වනජීවී නිලධාරීන්ට පහරදුන් 12ක් අත්අඩංගුවේ

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වනජිවි නිලධාරින්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ද සිටින බවයි.
පසුගිය 26 වනදා පස්වරුවේ මින්නේරිය ජාතික වනෝද්‍යානයට අයත් මින්නේරිය වැවේ කොටසක තහනම් දැල් ආම්පන්න භාවිත කරමින් මසුන් අල්ලමින් සිට ධීවරයෙකු දැල් ආම්පන්න සමග වනජිවි නිළධාරින් සිය භාරයට ගැනීමත් සමගින් මෙම ගැටලුකාරිත්වය ඇතිවුණා.
පසුව ප්‍රදේශවාසීන් වනජීවි කාර්යාලය වටලා නිලධාරින් 4 දෙනෙකුට පහරදී සැකකරු ද රැගෙන පලා ගොස් තිබුණා.
මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් ධීවරයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.