Gossips

ආර්ථික පසුබෑමට හේතුව අගමැති කියයි

පසුගිය කාලය තුළ පටු දේශපාලන අරමුණු හා පුද්ගලික න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීම නිසා ශ්‍රී ලංකාව ආර්ථික හා සමාජ සංවර්ධන පසුබෑමකට ලක්වුණු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ සිංගප්පුරු විදේශ අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්නන් සමග වියට්නාමයේ හැනොයි නුවර දි පැවති සාකච්ජාවේදියි.
ඉන්දීය සාගරයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කිරිම යහපාලන රජයේ අරමුණ බව අග්‍රාමාත්‍යවරයා එහිදී සදහන් කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.
දශක ගණනාවකට පෙර සිංගප්පුරුව ශ්‍රී ලංකාවෙන් ආදර්ශ රැසක් ලබා ගත් බව සිංගප්පුරු විදේශ අමාත්‍යවරයා එහිදි ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර අමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සහකාර ලේකම් ඇලිස් වෙල්ස් ද, හැනොයි නුවරදි අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවුණා.