Gossips

නීති විරෝධී දුම්වැටි සමග කාන්තාවන් දෙදෙනෙකු ඇතුලු 3 ක් කටුනායකදී දැලේ

නීති විරෝධීව දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ කාන්තාවන් දෙදෙනෙකු ඇතුලු 3 දෙනෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රුපියල් 2,157,400 ක් වටිනා දුම්වැටි කාටුන් 213 ක් ඔවුන් රැගෙන විත් තිබු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අද අලුයම 2.30 ට පමණ සිංගප්පූරුවේ සිට පැමිණි ගුවන්යානයකින් එක් කාන්තාවක් දුම්වැටි රැගෙන පැමිණ තිබුනා.
ඇය සතුව තිබී රුපියල් 257,400 ක් වටිනා දුම්වැටි කාටුන් 23 ක් සොයා ගැනුනා.
සැකකාරිය කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවක් බව සඳහන්.
අනෙක් කාන්තාව අද උදෑසන 6.30 ට පමණ කටුනායකට පැමිණ තිබුනේ ඉන්දියාවේ බැංගලෝර් සිටයි.
අලුත්ගම ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවක් වන ඇය රුපියල් 890,000 ක් වටිනා දුම්වැටි කාටුන් 89 ක් රැගෙන විත් තිබුනා.
මේ අතර සිංගප්පුරුවේ රැකියාවක නිරතව සිට මෙරටට පැමිණි 42 හැවිරිදි අයෙක් ද නීති විරෝධීව දුම්වැටි රැගෙන පැමිණීමේ දී අත්අඩංගුවට පත්වුනා.
සැකකරු මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු රුපියල් 1,010,000 ක් වටිනා දුම්වැටි කාටුන් 101 ක් රැගෙන පැමිණ තිබු බවයි අප වාර්තාකරු කියාසිටියේ.
රේගු අත්අඩංගුවට පත්වු දුම්වැටි රාජසන්තක කර තිබෙනවා.
ව්‍යාපාරික කාන්තාවන් දෙදෙනාට රුපියල් 10000 බැගින් වු දඩ මුදල් සහ අනෙක් ගුවන් මගියාට රුපියල් 25000 ක දඩ මුදලක් ගෙවන ලෙසට ද රේගුව නියෝග කර තිබෙනවා.