Gossips

ආණ්ඩුවට එරෙහි ක්‍රියාමාර්ග පිළිබඳ, හිටපු ජනපති නිවසේ තීරණාත්මක හමුවක්

ලබන 5 වන දා කොළඹ දී පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් අද රැස්වනවා.
ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිළ නිවසේදියි.
අද පස්වරුවේ පැවැත්වෙන මෙම රැස්වීමට ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමේ නියෝජිතයින් ද සහභාගිවීමට නියමිතයි.
මේ අතර, පොළොන්නරුවේ ඊයේ පැවති රැස්මකට එක්වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසාසානායක ද අදහස් පළ කළා.
එහිදී ඔහු කියා සිටියේ කොළඹ නැරඹීමට පැමිණයත් ආණ්ඩුව පෙරළීමට ඔවුන්ට නොහැකි බවයි.