Gossips

ජනපති අමාත්‍යාංශ ලේකම්වරු හමුවෙයි

රජයේ සංවර්ධන වැඩපිළිවෙළ කාර්යක්ෂම කර ගැනීමට අමාත්‍යාංශ ලේකම්වරුන්ට ප්‍රමුඛ වගකීමක් පැවරෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවතී අමාත්‍යාංශ ලේකම්වරුගේ හමුවකට එක්වෙමින්.
අමාත්‍යාංශ මට්ටමින් ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය සමාලෝචනයට ලක් කිරීම ද මෙහිදී සිදුව තිබෙනවා.
එමෙන්ම රාජ්‍ය ආදායම් ප්‍රවර්ධනය සඳහා නව යෝජනා, නව ආදායම් මාර්ග නිර්මාණය, ජාතික ආර්ථිකයට දක්වන දායකත්වය සහ රාජ්‍ය ආයතවල වියදම් කළමනාකරණය වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කල බවයි ජනපති මාධ්‍ය අංශය සදහන් කළේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පවසා ඇත්තේ මහජන ඉල්ලීම් සහ දුක්ගැනවිලි සඳහා ප්‍රමුඛත්වයක් ලබාදීම වෙනුවෙන් සෑම බදාදා දිනකම අනිවාර්යයෙන්ම අමාත්‍යාංශ නිලධාරින් මහජනතාව හමුවීම සඳහා කාර්යාලය තුළ රැදී සිටිය යුතු බවයි.