Gossips

කුසල් ජනිත් ඉදිරියේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සියල දණ නමයි

ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුසල් ජනිත් පෙරේරා හදිස්සියේ එංගලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා. මේ නිසා ඔහුට ශ්‍රී ලංකා ශ්‍රී ලංකා විස්සයි විස්ස ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරඟ 4 අහිමි වුණා.
කුසල් හදිස්සියේ එංගලන්තයට ගියේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඔහුට හිමි විය යුතු වන්දි මුදල ගැන ඔහුගේ නීතිඥවරුන් හමු වී උපදෙස් ලබාගැනීමට බවයි වාර්තා වන්නේ.
එහිදී ඔහුට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ලැබෙන වන්දි මුදල ගැන අවසන් එකඟතාවයකට පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.
තහනම් උත්තේජක ලබාගත් බවට කුසල් ජනිත හට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් චෝදනා එල්ල වූ අතර ඔහුට තරඟ තහනමක්ද පැනවුවා.
නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉල්ලීම යටතේ සිදුකල ජාත්‍යන්තර පරීක්ෂණයකින් හෙළිවුණේ කුසල් තහනම් උත්තේජක ලබාගෙන නැති බවයි.
මේ අනුව කුසල්ට එරෙහිව පනවා තිබු තහනම ඉවත් කරගනිමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඔහුට සිදු වූ අපහසුතාවට කණගාටුව පලකලා.
නමුත් මේ සදහා කුසලට වන්දි මුදලක් ගෙවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට සිදුවන අතර එම වන්දි මුදල ලබාගැනීමේ කටයුතු සදහායි ඔහු එංගන්තයට ගොස් ඇත්තේ.
මේ නිසා කුසල් හට ශ්‍රී ලංකා විස්සයි විස්ස ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරඟ 4 අහිමි වුණද මුලික වටයේ අවසන් තරඟ දෙකට ඔහු ක්‍රීඩා කිරීමට නියමිතයි.