Gossips

ශ්‍රී ලංකාවට තරඟ 8කට පසු ලැබුණු විශේෂ වරම

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පළමු පන්දුවාර 20 ක්‍රිකට් තරගය ඊයේ පැවැත්වුනේ මීර්පූර් හීදී.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය නවක ක්‍රීඩකයන් සිවු දෙනෙක් සමග තරගයට පිවිසි අතර ශ්‍රී ලංකාව ද ෂෙහාන් මධුශංකට ජාත්‍යන්තර පන්දුවාර 20 ක්‍රිකට් වරම් ලබා දුන්නා.
බංග්ලාදේශය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 193ක්.
මෙය ඔවුන් පන්දුවාර 20 ක්‍රිකට් තරගයක ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවයි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ඉනිමට සුපිරි ආරම්භයක් ලබා දුන් කුසල් මෙන්ඩිස් පන්දු 27 ක් තුළ ලකුණු 53 ක් රැස්කළා.
ඔහුගේ ඉනිම හතරේ පහර 8 කින් සහ හයේ පහර 2කින් වර්ණවත් වුණා.
ශ්‍රී ලංකාව කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ලකුණු 194 ක ඉලක්කය සපුරා ගත්තේ පන්දුවාර 16 යි පන්දු 4 ක් පමණක් වැය කරමින්.
තරග 8 ක් නොකඩවා පරාජය වීමෙන් පසු ලද මේ ජයග්‍රහණය ශ්‍රී ලංකාව වැඩිම ලකුණු සංඛ්‍යාවක් හඹා ගොස් ජයගත් පන්දුවාර 20 තරගය ලෙස ද ඉතිහාසයට එක්වුණා.
තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ කුසල් මෙන්ඩිස්.
එම සුපිරි තරඟයේ ඔබ මෙතෙක් නොදුටු සුවිශේෂී අවස්ථා පහතින්.