Gossips

සේද මාර්ගය ණය උගුලක් නොවේ – චීනය

පෙරදිග ලෝකය, අපරදිග හා යා කළ ඉපැරණි සේද මාර්ගය නැවත පණ ගන්වමින් ක්‍රියාත්මක කරන එක් තීරුවක් – එක් මාවතක් යෝධ ව්‍යාපෘතිය ණය උගුලක් නොවන බව චීනය අවධාරණය කළා.
ඊට සම්බන්ධ බොහෝ රටවල් ණය බරින් පෙළීම පිළිබඳව බටහිර ආර්ථික විශ්ලේෂකයන්ගේ විවේචනයට ලක්වුණා.
කීර්තිමත් ෆෝබ්ස් සඟරාව ඇතුළු අංශ කිහිපයකින්ම ප්‍රකාශ වූයේ අදාළ රටවල් ණය උගුලකට හසු කර ගැනීමට චීනය කටයුතු කරන බවයි.
කෙසේ නමුත්, බීජිං නුවර ඊයේ පැවති මාධ්‍ය හමුවකදී චීනයේ ජාතික සංවර්ධන ප්‍රතිසංස්කරණ කොමිසමේ නියෝජ්‍ය සභාපති නින් ජිෂේ කියා සිටියේ අදාළ රටවල් සිය ව්‍යාපෘතිය ඇරඹීමට පෙරම ණය බරින් පෙළුණු රටවල් බවයි.
ගෝලීය ප්‍රවාහන සහ වෙළඳ සම්බන්ධතා ගොඩනගන චීනයේ නූතන සේද මාර්ගයට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60ක් පමණ එක්ව සිටිනවා.