Gossips

චීනය උපත් පාලනය අත්හැරීමට සැරසේ

එක් පවුලකට ළමයින් දෙදෙනෙකුට සීමා වූ චීනයේ උපත් පාලන ප්‍රතිපත්තිය වෙනස් කිරීම පිළිබදව එරට බලධාරීන්ගේ අවධානය යොමු වී තිබෙනවා.
සීග්‍රයෙන් ඉහළ යන ජනගහනය පාලනය කිරීම සඳහා එවකට පැවති කොමියුනිස්ට් රජය 1979 වසරේදී එක් පවුලක්ල එක් ළමයෙකුට සීමා විය යුතු බවට නියෝගයක් පැනවූ අතරල එය කඩ කරන්නන් ගබ්සා කිරීමට පවා පෙළඹුණා.
එහෙත් ජනගහනය වයස්ගතවීමේ අවදානමත්ල ශ්‍රම බලකාය හීනවීමත් හේතුවෙන් එය ළමයින් දෙදෙනෙකු දක්වා වැඩි කිරීමට 2016 වසරේදී පියවර ගැනුණා.
එහෙත් අපේක්ෂිත අන්දමින් දරු උපත් සිදුනොවීම හේතුවෙන් එම සීමාව ද ඉවත් කිරීමට චීනය අදහස් කරන අතරල අදාළ පනත් කෙටුම්පත් 2020 වසර වන විට ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.