Gossips

එජාපය යළිත් ජනපති හමුවෙයි

වත්මන් දේශපාලන වාතාවරණය පිළිබදව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර ඊයේ දිනයේදී ද තවත් සාකච්ඡාවක් පැවැත්වුණා.
ඒ ජනාධිපතිවරයාගේ නිල නිවසේදීයි.
මීට පෙර ද අග්‍රාමාත්‍ය ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් ජනාධිපතිවරයා හමුවී ඉදිරි දේශපාලන වාතාවරණය පිළිබදව සාකච්ඡා කළා.
පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵලයෙන් අනතුරුව මතුවී ඇති තත්ත්වය සහ පළාත් පාලන ආයතන පිහිටුවීම පිලිබදවයි එහිදී අවධානය යොමුවූයේ.
එමෙන්ම, ජාතික රජය තවදුරටත් පවත්වාගෙන යන්නේ ද නැතහොත් නව ආණ්ඩුවක් පිිහිටුවීම සදහා කටයුතු කරන්නේ ද යන්න එක්සත් ජාතික පක්ෂයේ අවධානයට ලක්ව ඇති ප්‍රධාන කරුණක්.