Gossips

අද සිට ශ්‍රී ලංකාවට හිරු මුදුන් වේ

අද සිට සැප්තැම්බර් 7 වන දා දක්වා ශ්‍රී ලංකාවට ඉහළින් ඉර මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව අද දහවල් 12යි 11ට යාපනය දිස්ත්‍රික්කයේ කලපූමි, කෝණ්ඩාවිල් සහ නාවක්කාඩු යන ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතිනු ඇති.
සූර්යයා දෘශ්‍ය ලෙස උතුරට ගමන් කිරීමේදී අප්‍රේල් මාසයේත්, දකුණට ගමන් කිරීමේදී අගෝස්තු මාසයේත් ශ්‍රී ලංකාවට ආසන්න අක්ෂාංශවලට ඍජුව ඉහළින් සූර්යයා පිහිටනවා.
මේ අතර ඌව, නැගෙනහිර, උතුරු මැද සහ උතුරු පළාත්වල සවස 02.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසිද ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙන්නේ.
මධ්‍යම සහ සබරගමුව පළාත්වල ස්ථාන කිහිපයක සිහින් වැසි ඇතිවිය හැකි අතර මුලතිව්, වව්නියාව, කිලිනොච්ච් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවීමේ හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.