Gossips

තවත් ජපාන රාජතාන්ත්‍රිකයෙක් අද දිවයිනට

ජපාන විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කසුයුකි නකානේ තුන් දින නිළ සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණෙනවා.
ජපාන තානාපති කාර්යාලය සඳහන් කළේ සමුද්‍රීය පරිසර දූෂණය වැළැක්වීම සඳහා අවශ්‍ය උපාංගවලින් සමන්විත ජපානයේ නිෂ්පාදිත නවීන වේග මුර යාත්‍රා දෙකක් මෙම සංචාරයේදී ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක බලකායට ප්‍රදානය කිරීමට නියමිත බවයි.
එය හෙට දිනයේ ආරක්ෂක අමාත්‍යවරයා වෙත කොළඹ වරායේ නැගෙනහිර බහාලූම් පර්යන්තයේදී භාරදීමට නියමිත බව ද ජපාන තානාපති කාර්යාලය සඳහන් කළා.
එමෙන්ම අනිද්දා දක්වා ජපාන විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කසුයුකි නකානේ මෙරට රැදී සිටින අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ ද ද්වි පාර්ශවීය සාකච්ඡා සිදුකිරීමට නියමිතයි.
මේ අතර, පසුගිය 21 වන දා ජපාන ආරක්ෂක ඇමති ඉත්සුනෝරි ඔනොදෙරා දෙදින නිළ සංචාරයක් සඳහා මෙරට පැමිණියා.
එහිදී ඔහු හම්බන්තොට වරායේ චාරිකාවක ද නිරත වුණා.