Gossips

මන්නාරම සමූහ මිනිවළෙන් හමුවූ අස්ථි කොටස් වැඩිදුර පරික්ෂණ සදහා කැලිෆෝනියාවට යැවිය යුතුයි -අධිකරණ වෛද්‍ය නිළධාරීවරයා

මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනිවළ තුළින් මිනිස් සිරුරු 104 කට අදාළ අස්ථි කොටස් ඊයේ (27) වන විට හමුවි ඇති බව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී එස්.රාජපක්ෂ පවසනවා.
එමෙන්ම සොයාගත් අස්ථි කොටස්වලින් මිනිස් සිරුරු 104 කට අදාළ අස්ථි කොටස් ක්‍රමානුකූලව මතුකර ගැනීමට හැකිවි ඇති බවත් ,ඉන් සිරුරු 96 කට අදාළ කොටස් කැනීම් මගින් ඉවත් කර ගැනීමට හැකිවි ඇති බව අධිකරණ වෛද්‍ය නිළධාරීවරයා පවසනවා.
ඔහු වැඩිදුරටත් පැවසූවේ වළ තුළින් ගොඩගත් සිරුරු 96 කට අදාළ අස්ථි ‍තමන්ගේ භාරය යටතේ මන්නාරම අධිකරණ සංකීර්ණයේ විශේෂිත කුටියක තැන්පත් කොට ඇති අතර,ගොඩගත් අස්ථි කොටස් කාබන් පරීක්ෂා කිරීමක් වෙනුවෙන් කැලිෆෝනියාවේ කාබන් පරීක්ෂා කිරීමේ රසායනාගාරයක් වෙත යැවීමට නියමිත බවයි.
කෙසේ නමුත් අස්ථි කොටස්වල කාබන් පරීක්ෂාව වෙනුවෙන් කැලිෆෝනියාව වෙත යැවීමට තමන් අධිකරණ අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කොට ඇතත්, අදාළ ඉල්ලීම වෙත මේ වන තෙක් අනුමැතිය නොලැබි ඇති බවයි අධිකරණ වෛද්‍ය නිළධාරීවරයා පවසන්නේ.

(ඡායාරූප – වව්නියාව මාධව කුලසුරිය)