Gossips

ශ්‍රී ලංකා ක්‍රිකට් සුපිරි විස්සයි විස්ස මැද මුදලට තරඟ පාවාදීමේ චෝදනාවක්

මේ දිනවල රටේම අවධානය යොමුව ඇති ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ප්‍රධාන පෙළේ ක්‍රීඩකයන් කිහිපදෙනෙකුට මුදලට තරඟ පාවාදීමේ චෝදනා එල්ලවී ඇති බවට තොරතුරු වාර්තා වනවා.
ඒ අනුව මුදලට තරඟ පාවාදීම් සම්බන්දයෙන් පැතිරෙන තොරතුරු සම්බන්දයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට සුළු වේලාවකට පෙර ප්‍රතිචාර දැක්වුවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ ශ්‍රී ලංකා විස්සයි විස්ස ලීග් ක්‍රිකට් තරගාවලිය අතරතුර සැකසහිත පුද්ගලයින් ක්‍රීඩාංගනයේ සැරිසරන බවට තොරතුරු ලැබී ඇති බවත් දුෂණ සහ අක්‍රමිකතා වැළැක්වීම සදහා සියලු පියවර ගෙන ඇති බවයි.
මේ සම්බන්ධයෙන් කණ්ඩායම්වල කළමණාකාරීත්වයද දැනුවත් කර ඇති බවයි ක්‍රිකට් ආයතනය පවසන්නේ.
මේ අතර මීට පෙර වාර්තා වූයේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් කිරීමට අදාළ ක්‍රීඩකයන් අද ක්‍රිකට් මූලස්ථානය වෙත කැඳවීමට නියමිත බවයි.
එම ක්‍රීඩකයන් අතර වත්මන් ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් දෙදෙනෙකුද සිටින බවටයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
මේ අතර ඊයේ දඹුල්ල ක්‍රීඩාංගණයේ පැවති තරඟය නැරඹීම සඳහා ඉන්දීය සහ පාකිස්ථානය ජාතිකයන් වැඩි පිරිසක් පැමිණ තිබීම පිළිබඳවද විශේෂ අවධානයක් යොමුවී ඇති බවටයි වාර්තා වන්නේ.