Gossips

වෛරීත්වය සහ වැරදිසහගත තොරතුරු ප්‍රචලිත කළ ෆේස්බුක් ගිණුම් 52ක් හදිසියේ ඉවත්කරයි

වෛරීත්වය සහ වැරදිසහගත තොරතුරු ප්‍රචලිත කළ ෆේස්බුක් ගිණුම් 52ක් හදිසියේ ඉවත්කරයි"
මියන්මාර හමුදා ප්‍රධානීන්ගේ ෆේස්බුක් පිටු ගලවයි
රොහින්ග්‍යා මුස්ලිම් ජන කොටස පීඩාවට පත් කරන බවට චෝදනා එල්ල වී සිටින මියන්මාරයේ හමුදා ප්‍රධානීන් 20 දෙනෙකුගේ ෆේස්බුක් පිටු ඉවත් කිරීමට එහි පරිපාලනය පියවර ගෙන තිබෙනවා.
මියන්මාර හමුදා ප්‍රධානී මින් අවුන්ගේ මෙන්ම හමුදා රූපවාහිනී ජාලයේ ෆේස්බුක් පිටුව ද එලෙස ඉවත් කර ඇති බව සඳහන්.
මේ අනුව මියන්මාර හමුදාව නියෝජනය කරන ෆේස්බුක් ගිණුම් 18ක්, ඉන්ස්ටග්‍රෑම් ගිණුමක්, ෆේස්බුක් පිටු 52ක් මෙලෙස ඉවත් කර ඇති අතර, එම ගිණුම්වලට සම්බන්ධ සංඛ්‍යාව මිලියන 12කට අධිකයි.
වෛරීත්වය සහ වැරදිසහගත තොරතුරු ප්‍රචලිත කිරීම යන හේතූන් මත අදාළ ගිණුම් සහ වෙබ් පිටු ඉවත් කළ බවයි ෆේස්බුක් ආයතනය ප්‍රකාශ කළේ.
මේ අතර මියන්මාර රඛීනේ ප්‍රාන්තයේ රොහින්ග්‍යා මුස්ලිම් ජන කොටසට එරෙහිව සමූල ඝාතනයක් ක්‍රියාත්මක කළ බවට මියන්මාර යුද හමුදාව වෙත චෝදනා එල්ල වී තිබෙනවා.
ඒ, එක්සත් ජාතීන්ගේ විශේෂ තොරතුරු විමර්ශන කමිටුවක් සකස් කළ වාර්තාවකින්.
එමගින් සඳහන් කර ඇත්තේ මියන්මාර හමුදාව රොහින්ග්‍යා මුස්ලිම් ජන කොටසට එරෙහිව අඛණ්ඩ ආරක්ෂක තර්ජනයක් දියත් කර ඇති බවයි.
ඒ අනුව මියන්මාර හමුදා ප්‍රධානීන් 6 දෙනෙකු ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයක් වෙත යොමු කිරීමට ද අදාළ වාර්තාව මගින් යෝජනා කර තිබෙනවා